ජන

23

සුදු ගවුම ඇඟලාන
පාසලට පියමැනපු..
අත ලඟින් අල්ලාන
වැව රවුමෙ පිය නඟපු..
තරගයට තරු ගැනපු
වැලි කෙලියෙ බත් උයපු..
පුංචි නැඟණියේ ඔබ
දුරු රටක ගිහින් අද..
අත ලඟක නැතත් ඔබ
හිත ලඟම ඉන්න දැන්..!!
මඟ බලමි!!හැමදාම…
ඔබ එතැයි අද හෙටම..!!

ජන

18

පෙර රජදවස මුහුද ගොඩ ගැලීම- අපිත් දැකපු ‘සුනාමිය’
එළාර දුටුගැමුණු යුද්ධය-අපිම අත් විදපු..තිස් වස් යුද්ධය….
ඒත් ඊට පස්සෙ මේ වෙන දේවල්…
එඩ්ගා කේසිට වැරදිලාද???
මට අමතක වෙලාද??
ඒ මොනවත්ම නෙවෙයි නම්…
ඇත්තටම මේවා චේතිය පචද???
කොසොල් සිහිනද??????

ජන

13

මට උරුම මගේම තැනදීම
මට කියා ඉතුරුවී තිබුන
මගේ එකම අයිතියම
අනේ උදුරාගෙනලු!!!
මගේ අතැඟිල්ල පාට නොවීම…
මා කැමති කෙනාටම උනත්
ඒ අයිතිය පලවිය යුත්තේ
මගේ අතින්ම නේද????
සිතේ මට හැමවිටම!!!

ජන

13

‘සු’ පාප අක්ශරයක් ලු
ළඟදීම ‘එළ’ එනවාලු
පාප අක්ශර ගැන දැනීමක් නැති මම
‘අල’ හෝ ‘වණත්’
හොඳ යැයි ලියා තබමි!!!!

ජන

13

ගෙදර ඉන්න හැමදාම….
ඔබට ඉරුවාරදය!!!!
ඒක අහන හැමදාම….
මට අධි රුධිර පීඩනය!!!!

ජන

13

අද ජර්මානුවන්ටවත් වැදගත් නැති
හිට්ලර්ගෙ පාලනය
පුන පුනා කියන ගොබෙල්ස් න්‍යය
හිම්ලර්ගෙ වියරු සිනහව
රයික්ස්ටාගයේ හදිසි ගින්න
අපුලයි සියලුදේ!!!
ඇයි මේ???
රැයේ සියලු පුවත් ජර්මනිය ගැන උනත්
සිනාසෙනවා සුන්දර ජර්මනිය සැම උදෑසනකම
මගෙ නෙත් අභියස සුදුම සුදු පාටට!!!
guten tag [ූටන් ටාග්] සුභ දිනක්!!!!
guten morgen [ගූටන් මොර්ගන්] සුභ උදැසනක්

ජන

12

ගමේ අපේ වෙල් යායට -අත්තම්මගෙ ගේ මිදුලට
පෝයදාට එබී බලපු -සුඳු හඳමාමා
ලෝකේ ඈත කෙලවරේම -සුදු පාටට හිම වැටිච්ච්
අපේ ගෙදර කාමරේට-එබී බලනවා
ගමේ ගෙදර ජනේලයෙන්-එදා පෙනුන හඳ මාමද?
මේ ඉන්නෙ කියල පුතා- මගෙන් අහනවා
ඔව් කියල මම කිව්වත්-එය ඇත්තක් බව දෑනුනත්
ඒක එහෙම උනේ කොහොම…හිත විමසනවා
ජනේලයෙන් අහස් බලන-හැමදාමත් මගේහිතට
හිතාගන්න බැරි විදියට- පුදුම හිතෙනවා

ජන

08

එකම පාසලේ
එකම පන්තියේ
එකම පේලියේ
එක ළඟපුටු වල
එකොලොස් වසක්ම
එක්ව ගෙවූ කල
අදින් නිමා කර!!!
සමුගෙන යමු අපි
සොදුරු මිතු දමක්
සිත්හි දරාගෙන!!!!!

ජන

08

මක්කම ගිහින් ඒ ආසිරි පැතුම අරන්
මඩු දෙවියන්ගෙ ආසිරි සුපැතුම් සමගින්
දළඳා මාලිගය වැඳගෙන පිහිට අරන්
එනවද???කැලණි පන්සල වෙත හෙටත් අරන්

ජන

06

සිප්පි කටු කොරල් මල්
ඇහිදිමින් පිය නැගූ
සුමුදු මුදු සුදු වෙරල
කලු උනා එක වරම
අඩිය දෙක ආව රැලි
උස ගියා අහසටම
මරනය හිනාඋනි
අපි දුවපු වේගයට
කෝච්චිය ගසාගෙන
ගිය නමුත් මුහුදු රල
සිහිනයක් වගෙමයි..
මේ හැමම මට තාම….